මන්දකට හසුවු කලූ කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවනට

2020-05-27 03:46:00       781
feature-top
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දකට හසුවී සිට බේරා ගැනුණු කලූ‍ කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවන වෙත රැගෙන ගොස් තිබෙනවා.

වයස අවුරුදු අටක් පමණ වන මෙම කළු කොටියාගේ උස අඩි හතරක් පමණ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කලූ‍ කොටියා වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සත්ත්වයකු බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාශ් කරුණාතිලක පවසනවා.

ශ‍්‍රී පාද රක්ෂිතයේ ඉතා සුළු ප‍්‍රමාණයක් කළු කොටින් වෙසෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර මෙම කළු කොටියා හසුවූ මන්ද ඇටවූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු වන ජීවී නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගැනුණා.

ප‍්‍රශ්න කිරීම් වලින් පසු ඔහු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »