බිලියන 45ක් පාඩුයි කීම වැරදියි - ගැලපීම නිවරැදිව සිදුව නැති බව තෙල් සංස්ථාවේ සභාපති කියයි

2020-05-27 01:50:00       786
feature-top
ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉකුත් මාස තුනේදී රුපියල් බිලියන 45ක පාඩුවක් සිදුව ඇතැයි සඳහන් කරමින් ඊයේ (26) නිකුත් වූ නිවේදනයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිරි අද (27) ප‍්‍රතිචාර දැක්වූවා.

ඒ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

කොවිඩ්-19 වසංගතය සමග ඉන්ධන සඳහා ඉල්ලූම අඩු වීමත්, රුපියලේ අගය පහත වැටීමත් නිසා ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබූ බවයි ඊයේ නිකුත් වූ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මගී ප‍්‍රවාහන කළමනාකරන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් එම නිවේදනය නිකුත් කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වූ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිරි කියා සිටියේ පාඩුවක් ඇති බවට පෙන්නුම් කෙරෙන ගැලපීම නිවරැදි නොවන බවයි.

කොවිඩ්-19 වසංගතය සමග ඉන්ධන සඳහා ඉල්ලූම අඩු වීම පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

කරුණු මෙසේ වන්නේ නම් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉකුත් මාස තුනේදී රුපියල් බිලියන 45ක පාඩුවක් සිදුව ඇතැයි විශයභාර අමාත්‍යංශය විසින්ම නිවේදනයක් නිකුත් කළේ කෙසෙදැයි නෙත් නිවුස් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්ණ කළා.

එහිදී සඳහන් කෙරුණේ අමාත්‍යවරයාට එම ඉලක්කම වෘත්තීය සමිති රැස්වීමේදී කවුරුන් හෝ පවසන්නට ඇති යනුවෙනි.
(under the courtesy of nethnews.lk news web)

More News »