නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණයක් නිවරැදිව පිරිසිදු කර ගන්නා හැටි කියයි

2020-05-27 01:49:00       793
feature-top
නැවත නැවත කෙරෙන සිහිපත් කිරීම් හෝ පොලිසියේ බලකිරීම් නිසා මුව ආවරණ පැලදුවද මුව ආවරණයක් පැලදිය යුත්තේ මන්දැයි වැඩි දෙනෙකුට තවමත් සැබෑ අවබෝධයක් නැතැයි වෛද්‍යවරුන් පවසනවා.

ඒ නිසාම වැඩි දෙනෙකු තවමත් මුව ආවරණ පලදින්නේ වැරදී ලෙස බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ශී‍්‍ර ලංක වෛද්‍ය සංගමයේ උප සභාපති මහාචාර්ය මනූජ් වීරසිංහ ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළා.

භාවිත කළ මුව ආවරන බැහැර කිරීමද විමිසිලිමත්ව සිදු කළ යුතු බව මෙහිදී සිහිපත් කෙරුණා.

එහිදී නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණයක් භාවිතා කරන අයෙක් නම් නිවසට පැමිණි විගස එය කණ පිටුපසින් අල්ලා ගලවා ඉවතට ගෙන සබන් යෙදූ භාජනයකට දමා යම් වේලාවක් තබා හොඳින් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය බවද සඳහන් කෙරුණා.

අහුලාගත් මුව ආවාරණ පැලදීම හෝ එක් මුව ආවරණයක් කිහිප දෙනෙකු පොදුවේ පරිහරණය කරන අවස්ථා ද ඉකුත් දින වල නිරීක්ෂණය වු බවයි මහාචාර්ය මනූජ් වීරසිංහ පැවසුවේ. එහෙත් එවැනි කි‍්‍රයාද වඩාත් අනතුරුදයක බව මෙහිදී  පැහැදිලි කෙරුණ.
(under the courtesy of nethnews.lk news web)

More News »