රාජිතට කොරෝනා පරීක්‍ෂාවක්.. උසාවි නොගෙනේ.. ස්කයිප් හරහා නඩුව අහයි..

2020-05-27 10:18:00       787
feature-top
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති රාජිත සේනාරත්න සම්බන්ධයෙන් වන නඩුව අද දිනයේ යලි විභාගයට ගැනෙයි.

මේ සඳහා හිටපු අමාත්‍යවරයා සම්බන්ධ කිරීමට නියමිතව ඇත්තේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ය.

මේ වන විට ඔහු මීගමු පල්ලන්සේන කඳවුරේ රක්ෂිත භාරයේ නිරෝධායන වෙමින් සිටී.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කිරීමට තීරණය කර තිබේ.

මේ අතර හිටපු අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදන වී ඇත්දැයි සොයා බැලීම සඳහා අද දිනයේ කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »