කටාරයේ සිරවී සිටි 268ක් කටුනායකින් බහී..

2020-05-27 09:02:00       785
feature-top
රැකියා සදහා කටාර් රාජ්‍යය වෙත ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස දෝහා ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.

කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස හා ඔවුන්ගේ බඩු භාණ්ඩ විසබීජහරණයට ලක් කළේය.

ඉන්පසු ඔවුන් කොරෝනා පරික්ෂාවට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »