ලෝකය තවමත් පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැද භාගයේ - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

2020-05-26 06:50:00       852
feature-top
කොවිඩ් 19 වසංගතය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කඩිනමින් ඉවත් කිරීම තුලින් දෙවැනි කොරෝනා රැල්ලක් වහා ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලෝකය තවමත් පවතින්නේ පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැදභාගයේ බවත්, බොහෝ රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුන ද, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ තවදුරටත් කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, ජිනිවා නුවර සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පළමු රැල්ල හීනවෙමින් පවතින රටවල මේ වසර අවසානයේ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බවයි.
(under the courtesy of nethgossip.lk news web)

More News »