රට විවෘත කළත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න - ජනතාවට ඉල්ලීමක්

2020-05-26 02:45:00       788
feature-top
ලිහිල් කෙරුණු සීමා යටතේ වුවද සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම පිළිපදින්නැයි වෛද්‍යවරුන් නැවත සිිහි කැදවනවා.

හෝටල් සහ ආපනශාලාවලදී අනුගමනය කල යුතු සෞඛ්‍ය පිලිවෙත් පිළිබඳ මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර රටපුරා ඇඳිරි නිතිය ලිහිල් කෙරුණත් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉල්ලීමක් කරනවා.

සියලූ කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළදසැල්ද මගී ප‍්‍රවාහන සේවාද සෞඛ්‍ය උපදෙස් අනුව සකස් විය යුතු බවයි ජනාධිපතිවරයා සිහිපත් කරන්නේ.

රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකේම රැුකියාවට කැදවන සේවක සංඛ්‍යාවද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුව තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිහිකැදවීම කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »