රටටම අස්වැසිල්ලක්.. නාවුක හමුදා කොරෝනා පොකුර පාලනය කරයි… දැන් විදෙස් පොකුරු පමණයි..

2020-05-26 01:34:00       805
feature-top
මෙරට තුළ මෙතෙක් ක්‍රියාත්මකව පැවති නාවික හමුදා කොරෝනා පොකුර මේ වන විට හොඳටම පාලනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කලාය.

මෙම පාලනය ඇති වූයේ නාවික භටයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර වෙන් කර තැබීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම නිසා යැයි ඇය පැවසීය.

ඉතා ඉක්මනින් නාවික හමුදා පොකුර සම්පූර්ණයෙන්ම පාලන වනු ඇති බවද ඇය විශ්වාසය පළ කරයි.

දැනටමත් නාවික භටයන් ගියේ ආශ්‍රිතයන් බොහෝ දෙනකු තම නිරෝධායන කාලය අවසන් කර ඇති බවද පැවසූ ඇය නාවික පොකුරේ ක්‍රියාකාරීත්වය ගැන කරුණු වාර්තා කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන බවද සඳහන් කළාය.

නාවික පොකුර ගැන දැන් කිසිදු බියක් ඇතිකරගත යුතු නැතැයිද ඇය කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

More News »