හය වැනි දිනටත් පෙත්සම් සලකා බැලීම ඇරඹේ

2020-05-26 11:36:00       787
feature-top
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 වැනි දිනට සලකා බැලීම අද (26) පෙරවරුවේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේ දී ආරම්භ කරන ලදී .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෘ , විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කරන ලදි.       

පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණි ද සිල්වා සිය වාචික දේශන අද උදෑසන ආරම්භ කරන ලදි.  

ඇය විසින් පෙත්සම්වලට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා  සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »