සීෂෙල්ස් සිට 35 දෙනෙකු මෙරට පැමිණි හේතුව හෙලිවෙයි..

2020-05-26 10:21:00       795
feature-top
පසුගිය සෙනසුරාදා සීසෙල්ස් රාජ්‍ය සිට මෙරටට පැමිණි එරට පුරවැසියන් 35 දෙනෙකු සම්බන්ධයෙන් මෙරට තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරන්නේ සීෂෙල්ස් වැසියන් පිරිස මෙරටට පැමිණ ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බවයි.

ඔවුන් එරටෙන් පිටත් වීමට පෙර කොරෝනා පරීක්ෂාවන්ට ලක් කර ඇති බවත් මෙරටදීද කොරෝනා පරීක්‍ෂා කරන බවත් ඔහු පැවසීය.

මෙරටට පැමිණි පසු ඔවුන් රජය අනුමත හෝටල් වල නිරෝධායනය සඳහා යොමුකර ඇත.

මෙම සියලු කටයුතු වියදම් එම පිරිස විසින් පෞද්ගලිකව දරනු ලබයි.

ඔවුන් පැමිණියේ සීෂෙල්ස් රාජ්‍යයට අයත් ගුවන් යානාවකින් වන අතර ආපසු යාම සඳහා සඳහා ද එරට ගුවන් යානාවක් පැමිණීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කොළඹ සිටින සීෂෙල්ස් මහ කොමසාරිස්වරයා පවසන්නේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව එරට රෝගීන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවයි.

පසුගිය වසර කිහිපය තුල පමණක් 2000ක පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා මෙරට පැමිණි බවද ඔහු සඳහන් කළේය.

ඉන්දියාවටද එරට රෝගීන් මේ ආකාරයෙන් ප්‍රතිකාර සඳහා යන බවත් ඔහු පැවසීය.

සෙනසුරාදා මෙරටට පැමිණ සිටින පිරිස අතරේ අසාධ්‍ය රෝගීන් එකොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් ද සිටින බව පැවසූ ඔහු හෘද රෝග සහ පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට ඔවුන් පැමිණ සිටින බවද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »