විදෙස් රටවලින් තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන පැහැදිළි කෙරේ

2020-05-26 09:02:00       816
feature-top
මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල සිර වී සිටින ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව රජය පවසනවා. කෙසේවෙතත්, පවත්නා තත්ත්වයන් යටතේ එම කි‍්‍රයාවලිය මන්දගාමී විය හැකි බවයි විදේශ සබධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉකුත් දිනවල කුවේටයේ සිට මෙරටට ගෙන්වා ගත් ශී‍්‍ර ලාංකිකයින් 466 දෙනා අතරින් 70ට පමණ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සිට ශී‍්‍ර ලාංකිකයින් 273 දෙනෙකු අද දිනයේ මව්බිමට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමනක්ද තාවකාලිකව අවලංගු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසීමකදී ජනාධිපති අතිරේක ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ නෙත් නිවුස් වෙත මෙම අදහස් පල කළා.

මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ රටවල සිර වී සිටින ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීම සිදුවන ආකාරය පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

මේ අතර කටාර්හි සිට මව්බිමට පිරිස් රැගෙන ඒමට නියමිතව තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාත ආරියසිංහද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගුවන් ගමන මෙලෙස අවලංගු කිරීම නිසා තවදුරටත් කටාර්හි රැදී සිටීමට සිදුවන සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සුදුසු පරිදි නවාතැන් ලබා දෙන ලෙස එරට වැඩබලන තානාධිපතිවරයාට උපදෙස් දී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »