පාසල් ක්‍රිකට් දියුණු කරන නව වැඩපිළිවෙල යටතේ පාසල්වලට පහසුකම් ලැබීම ඇරඹේ

2020-05-26 09:00:00       783
feature-top
පාසල කි‍්‍රකට් කී‍්‍රඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත‍්‍ර 16 ක්, වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩා කරන පාසල්වලට බෙදා දීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.  

මෙම වැඩපිළිවෙළ යටතේ ප‍්‍රථමයෙන්ම ශ‍්‍රී  ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත‍්‍ර පිරිනැමීම සිදු කෙරුණා.

පළමු පෙළ කී‍්‍රඩා කරන පාසල් 36 ටම මෙම පන්දු යැවීමේ යන්ත‍්‍ර ලබාදීම ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාවයි. ඉතිරි යන්ත‍්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර ඇති අතර ඒවාද ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විගස එම පාසල්වලට ලබා දීමට නියමිතව තිබෙනවා.

සාමාන්‍ය පන්දු යැවීමේ යන්ත‍්‍ර කී‍්‍රයාකරවීම සඳහා විදුලි බලය ලබා දිය යුතු වුවත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කොට ඇති මෙම පන්දු යැවීමේ යන්ත‍්‍රය පැය 3 ක පමණ කාලයක් එහි ඇති විදුලි කෝෂ හරහා ක‍්‍රියාකරවීමේ හැකියාවකින් යුක්තයි.

භාවිත කිරීමෙන් පසු නැවත විදුලිය ආරෝපණය කරගත හැකි ආකාරයෙන් මෙම පන්දු යැවීමේ යන්ත‍්‍රය නිපදවා තිබෙනවා.

පාසල්වල පුහුණු කටයුතු විදුලි රැහැන් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

මෙම එක් පන්දු යැවීමේ යන්ත‍්‍රයක් රුපියල් හයලක්ෂ 50,000ක් වන අතර මෙවැනි විදුලිය ආරෝපණය කළ හැකි ආකාරයේ පන්දු යැවීමේ යන්ත‍්‍ර ශී‍්‍ර ලංකාව ආනයනය කළ පළමු අවස්ථාවද මෙය වනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »