බල්ලන් නාවන්න ඇදගෙන යාම අරඹයි.. මැතිවරණය පවත්වන බව මැකො කියයි.. ‘කොරෝනාට පරාජය-ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය..’

2020-05-25 12:08:00       811
feature-top
කොරෝනා වෛරසය පාලනය කර ඇති තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කරමින් සිටී.

නමුත් ඒ ගැන අවසන් තීන්දුව ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් වල තීන්දුවෙන් පසු සිදුකරන බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සමාජ දුරස්ථ භාවය, දෑත් පිරිසිදු කිරීම, මුඛ ආවරණ භාවිතය ඇතුළු කරුණු මත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිලධාරින් සමග මේ වන විට සාකච්ඡාවක් වට 05ක් පමණ පවත්වා ඇති බවත් අවසන් සාකච්ඡාවක් ඉදිරි දිනවලදී බවත් ඔහු පැවසීය.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම සාකච්ඡා වල තීන්දු මත මාර්ග සිතියමක් සකස් කර කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »