අරලිය-නිපුණ ඇතුළු මහා පරිමාන මෝල්කරුවන් සහල්, වී තොග සගවාගෙන නෑ..- පාරිභෝගික අධිකාරියේ සභාපති

2020-05-25 12:04:00       792
feature-top
මහා පරිමාණ සහල් මෝල් හිමියන් වී තොග හෝ සහල් තොග සඟවාගෙන සිටින බවට නිරීක්ෂණ නොවූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.

තමන් ඇතුළු අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද නිරීක්‍ෂණ චාරිකාවේදී එවැන්නක් හෙලි නොවූ බවද ඒ මහතා පැවසීය.

පසුගිය පසුගිය 23 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් නිරීක්ෂණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේ දිනවල සහල් සහ වී තොග සඟවාගෙන සිටින්නේ යැයි එල්ල වන චෝදනා හා වෙළඳපොලේ ඇතැම් සහල් වර්ග වල පවතින හිඟය හේතුවෙන් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »