මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන 54000 ඉක්මවයි

2020-05-25 12:00:00       801
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මෙරටදී සිදු කෙරුණු PCR පරීක්ෂණ ගණන 54,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ (24) දිනයේදී පමණක් PCR  පරීක්ෂණ 1,742 ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, මෙරටදී සිදු කෙරුණු වැඩිම PCR  පරීක්ෂණ සංඛ්‍යාව සිදු කර ඇත්තේ පෙරේදා (23) දිනයේදීයි. එම දිනය තුළ PCR  පරීක්ෂණ 1,998 ක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල දැක්වෙනවා.

ඊයේ දිනයේදී නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 52 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. එම සියලූ ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 1,141 ක්. ඒ අතරින් 674 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 458 දෙනෙකු පමණයි.

(under the courtesy of nethnews.lk news web)

More News »