මැතිවරණය පැවැත්විය හැකියි කීමෙන් විපක්‍ෂය කිපේ.. අනිල් ජාසිංහ ඉලක්ක නර දැවැන්ත මඩ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සමාජ ජාල කෙරුමන්ට දන්වයි..

2020-05-23 07:46:00       360
feature-top
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉලක්ක කර මඩ අවලාද ප‍්‍රහාරයන් එල්ල කරන්නැයි විපක්ෂයේ ප්‍රබලයකු විසින් එම පාර්ශවයට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට දැනුම්දී තිබේ.

ඒ අනුව ජාසිංහ මහතා ඉලක්ක කරමින් සමාජ ජාලාවල විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

මැතිවරණය පැවැත්වීමට හැකි තත්වයක් රට තුල පවතින බවටත් මැතිවරණ කොමිසම දින නියම කරන්නේ නම් ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට සූදානම් බවටත් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය බලධාරියා වශයෙන් දැනුම් දී තිබීම මීට හේතුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාගේ එම දැනුම් දීම මත අධිකරණයේ පවරා ඇති නඩු සියල්ලටම දැඩි අවාසිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔවුන්ගේ මතයයි.
(under the courtesy of lankacnews.com news web)

More News »