රටපුරා සහල් හිගයක්..

2020-05-22 08:35:00       891
feature-top
රට තුළ බොහෝ ප්‍රදේශයන්හි සහල් හිගයක් මතු වී තිබෙන බව වෙළඳ සැල් හිමියන් හා පාරිභෝගිකයන් පවසති.

නඩු සහ කැකුළු සහල් වලට බලපා ඇති මෙම හිගය සාමාන්‍ය වෙළඳ සැල් වල මෙන්ම සුපිරි වෙළෙඳසල්වල දක්නට ලැබේ.

ඇතැම් වෙළඳසැල් හිමියෝ එම සහල් වැඩි මිලට අලෙවි කරන බව වාර්තා වෙයි.

සහල් තොග සපයන සැපයුම් කරුවන් විසින් කැකුලු සහ නාඩු සහල් සැපයුම අත්හිටුවා තිබෙන අතර ඔවුන් පවසන්නේ රජය විසින් නියම කර ඇති පාලන මිලට ඒවා අලෙවි කළ නොහැකි බවයි.

සම්බා හා කීරි සම්බා වෙළෙඳ සැල්වල විකිණීමට ඇතත් ඒවා විවිධ මිල ගණන්වලට අලෙවි කරන්නේ රජය විසින් පාලන මිලක් නියම නොකිරීම නිසාය.
(under the courtesy of lankacnews.com news web)

More News »