වැලිසර නාවුක පොකුර තව දුරටත්… කදවුර තවත් දෙසතියන් වසා දමයි..

2020-05-22 08:34:00       272
feature-top
වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි නිල නිවාස වල සිටින නාවික භටයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තවත් සති දෙකක කාලයක් එම නිවෙස් වලම නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

එම කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය ගැන සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම නාවික හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය ද පිටතට නොයවා එම රෝහල් පරිශ්‍රය තුලම රැඳවීමට කටයුතු කර ඇත.

වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත නාවික භටයන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ කටයුතුද සිදු කරමින් පවතී.
(under the courtesy of lankacnews.com news web)

More News »