ශ්‍රී ලංකාව තුළ Covid-19 වෛරසය නිසා විපතට පත් ජනතාවට කැනඩාවේ සහයෝගය

2020-04-24 09:11:00       826
feature-top
කැනේඩියානු රජය විසින් කැනේඩියානු ඩොලර් 56,000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 7.5 ක මුදලක්), හඳුනාගත් සහන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසයෙන් බෙහෙවින්ම විපතට පත් වූ කණ්ඩායම් වලට සහන සැපයීම සඳහා ලබාදී තිබෙනවා. මෙම අරමුදල් ස්වදේශීය මූලාරම්භයන් සඳහා කැනේඩියානු අරමුදල (CFLI) විසින් ලංකාවේ ජාතික සාම මණ්ඩලය (NPC) හරහා ලබාදෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජාතික සාම මණ්ඩලය (NPC) කොවිඩ්-19 වෛරසය මැඩලීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සිවිල් සමාජ කමිටුවේ සාමාජිකත්වය දරයි. ශ්‍රී ලංකාව පුරා විහිදුණු, ස්ථාපිත රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් ආගමික කමිටු ජාලයක් සහිතව ජාතික සාම මණ්ඩලය දිස්ත්‍රික් මට්ටමෙන් රටපුරා ජනතාව සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙනු ඇත. කෝවිඩ්-19 වසංගතය මැඩලීම සඳහා රට වසා දැමීම සහ පැය-24 පුරා පැවැත්වුණු ඇඳිරිනීතිය බොහෝ දෙනකුට අභියෝගයක් බවට පත්ව ඇති අතර ජාතික සාම මණ්ඩලය (NPC) විසින් එවැනි දැඩි වශයෙන් උපකාර අවශ්‍ය අය සඳහා සහයෝගය ලබාදෙනු ඇත.

කැනේඩියානු මහ කොමසාරිස් තුමා වන ඩේවිඩ් මැකිනන් මහතා මෙසේ ප්‍රකාශ කළා, "මම ඉතාම සතුටට පත් වුණා ශ්‍රී ලාංකිකයන් පුද්ගලයන් වශයෙන්, ආයතනයන් වශයෙන් සහ විවිධ මට්ටම් වල රජයේ සංවිධාන වශයෙන් අප මින් පෙර නොදුටු මෙම ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන්". එතුමා තව දුරටත් මෙසේ කියා සිටියා. "කැනඩාවේ සහයෝගය හරහා අපි බලාපොරොත්තු වෙනවා බෙහෙවින්ම අසරණව සිටින ප්‍රජාවන් සඳහා සහය වෙන්නට. මෙම කැනේඩියානු සහය එම  ප්‍රජාවන්හට එල්ලවෙන වෛරසයේ බලපෑම සහ ආර්ථික දුෂ්කරතාවයන් සමනය කිරීමට හැකිවේයැයි අප බලාපොරාත්තු වෙනවා. මම සන්තෝෂයට පත් වෙනවා අප හට ජාතික සාම මණ්ඩලය සමඟ කටයුතු කරමින් ඉතාමත් ඉක්මනින් හඳුනා ගත් අවශ්‍යතාවයන් වෙනුවෙන්  සියලුම ජන කොටස් සඳහා දිවයින පුරා කටයුතු කරන්නට ලැබීම පිළිබඳව".

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමක් වශයෙනුත් - විවිධ ආගමික සහ ජාතීන් නියෝජනය කරන ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ සමාජයේ විශ්වාසය ගොඩ නැංවීම යන ඔවුන්ගේ අරමුණු පවත්වා ගනිමින් ද - රට පුරා විහිදුනු රාජ්‍ය සේවකයන් විසින්, ඔවුන් (NPC) සමග වැඩ කරන අනෙකුත් සම්බන්ධිත ජාලයන් හරහා හඳුනා ගනු ලැබූ පුද්ගලයන් සහ පවුල් සඳහාත්, ආයතන සඳහාත් වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමෙන් ව්‍යසන තත්ත්වය ලිහිල් කිරීම සඳහා ජාතික සාම මණ්ඩලය එකතු වී කටයුතු කරනු ඇත. මේ සඳහා ආබාධිත සහිත පුද්ගලයන්, කාන්තාවන් විසින් ආදායම් උපයන පවුල්, අනාත නිවාස, දීර්ඝකාලීන හෙද පහසුකම් සපයන ආයතන සහ වැඩිහිටි නිවාස ඇතුළත් වේ.

"මෙම අවස්ථාවේ දී එක් එක් පුද්ගලයන්, ජාතීන්, ආගම්, කලාප සහ රටවල් අතර එකමුතු භාවයක් තිබීමේ අවශ්‍යතාවක් ඇත. ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතා පැවසුවේ "කැනඩාවේ සහාය ඇතුව අතිශයින් ම විපතට පත් පිරිස් රැක බලා ගැනීම සඳහා මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීමට ලැබීම අපට ඉතාමත් සතුටක්" ලෙසයි.

ජාතික සාම මණ්ඩලය විශ්වාස කරන්නේ මෙවැනි ක්‍රියාකාරකම් මගින් ජාතීන් අතර සහ ආගම් අතර ඇති සහයෝගීතාවය ශක්තිමත්වී අනාගත ඒකාබද්ධතාවය සදහා පිටුවහලක් වන බවයි. සෑම විටෙකම මෙන්ම කැනඩාව හට දේශීය ආයතන සමඟ කටයුතු කරමින් සෞභාග්‍යමත්, සියල්ලන්ම ඇතුලත්වන සහ සෞඛ්ය සම්පන්න ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ක්‍රියා කිරීම ගෞරවයකි.

(මෙය ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)


(under the courtesy of adaderana.lk news web)

More News »