ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත්-වෛද්‍ය අනිල් ජාසිංහ

2020-04-08 01:31:00       808
feature-top
දැනට රට තුළ පවත්වාගෙන යන ක්‍රමවේදය ලිහිල් කළ හොත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම නිසා සාමාජ දුරස්ථබාවය පවත්වා ගැනිම සඳහා පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත් බව හෙතෙම පවසයි.

අද උදෑසන ටී.වි දෙරණ ඔස්සේ විකාශනය වූ දෙරණ අරුණ වැඩසටහනට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූවන් සොයා ගැනිමට අදාල පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහිදී පැවසුවේය.


(under the courtesy of adaderana.lk news web)

More News »