ඇමරිකාව දිනකදී කොරෝනා මරණ 1970යි.. ආසාදිතයන් ලක්‍ෂ 04 පනී.. ලෝකයේ ලක්‍ෂ 15 ආසන්නයේ..

2020-04-08 01:07:00       807
feature-top
ලොව පුරා මේ වන විටත් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 15 ආසන්නයේ පවතී.

මේ වන තෙක් මිය ගිය සංඛ්‍යාව 82,000 ඉක්මවා ඇති අතර සුවපත්වූ සංඛ්‍යාවක් 300,000 ඉක්මවා ඇත.

මේ අතර ඊයේ දිනයේ දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකා වෙන් වාර්තා වූයේ 1970න් ලෙසයි.

ඊයේ පමණක් ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 33,331 වාර්තා වීමත් සමගින් ඇමරිකාවේ ආසාදිතයන් ලක්ෂ හතරක් ඉක්මවා ගොස් ඇත.

ප්‍රංශයද ඊයේ දිනයේ කොරෝනා මරණ 1417ක්, ස්පාඤ්ඤය 704ක්, ඉතාලිය 604ක්, ‍බ‍්‍රිතාන්‍ය 786 ලෙස වාර්තා කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »