වෛරසයෙන් යුරෝපා කලාපයටද තවදුරටත් බලපෑම්

2020-04-04 12:09:00       796
feature-top
වෛරසයෙන් යුරෝපා කලාපයටද තවදුරටත් බලපෑම් එල්ල වෙමින් ඇති අතර පාස්කු ඉරිදා දිනය වන විට එක්සත් රාජධානිය වෛරස ව්‍යාප්තියේ උපරිමයට ලඟාවනු ඇති බව එරට සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.

යුරෝපයේ වැඩිම බලපෑම් එල්ලවූ ඉතාලියෙන් ඊයේ (03) දිනයේදී නව මරණ 766ක්, ස්පාඤ්ඤයෙන් 850ක් සහ එක්සත් රාජධානියෙන් මරණ 684ක් වාර්තාවී තිබුණි.

අද වන විට ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 119,000 ඉක්මවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,681ක්.

ස්පාඤ්ඤයෙන් හමුවූ ආසාදිතයන් ගණන 119,000 ඉක්මවා තිබෙන අතර ඒ අතරින් පුද්ගලයන් 11,198 දෙනෙකු මරණයට පත්ව තිබේ.

ජර්මනියේ ආසාදිතයන් ගණන අනූදහස ඉක්මවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,275ක්.‍

ඊයේ දිනයේදී සිදුවූ මරණ 588ත් සමග ප්‍රංශයේ සමස්ත මරණ සංඛ්‍යාව 6,507 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් 64,338ක් අදවන විට හමුවී තිබේ.

එරට දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාවද වාර්තා වුණේ ඊයේ දිනයෙන්.

එක්සත් රාජධානියෙන් අද වන විට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 3,605ක් වාර්තා වන අතර ආසාදිතයන් ගණන 38,000 ඉක්මවා තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »