ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් බලා පිටත්ව යයි

2020-04-04 12:06:00       794
feature-top
ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන ගිය අදාල නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි පුද්ගලයින් 172 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදාව සඳහන් කළේය.

විදෙස් රටවල සිට පැමිණි අදාල පිරිස පසුගිය මාර්තු මස 21 වනදා සිට ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

More News »