රිය අනතුරකින් අයෙක්ට බරපතළයි

2020-04-04 12:05:00       810
feature-top
ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටි සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මහ රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

අද (04) දින උදැසන 8 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මඩගල ප්‍රදේශයේදිය.

ත්‍රිරෝද රථ රියදුරා ගම්පොල ප්‍රදේශයේ  ඉන්ධන පිරවුම්හලක සේවය සඳහා යමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »