වතුකරයේ යාඥාවකට ඉන්දියාවෙන් දේව ගැතිවරයෙක් ඇවිත්.. පල්ලිය හා පවුල් ගණනක් නිරෝධායනයේ..

2020-04-02 06:36:00       773
feature-top
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පොඩයිස් වතුයායේ පවුල් පහකට අයත් සමාජිකයන් 20 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (02) දින කටයුතු කෙරිණ.

එම වතුයායේ යාඥා මධ්‍යස්ථානයකට ඉන්දියාවේ සිට තවත් දේව ගැතිවරයෙක් ඉකුත් මස 11 දින පැමිණ එහි දින කිහිපයක් නතර වි එම වතුයායේ පිරිසක් එක් කර ගනිමින් යාඥාවන් පවත්වා ඇති බවට සෞඛ්‍යය අංශ විසින් තහවුරු කර ගැනිමෙන් අනතුරුවයි මෙම පවුල් පහට අයත් සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කලේ.

එම වතුයායේ සහ එ අවට වතු කිහිපයකම තවත් පිරිසක් එම වතුයායේ යාඥා මධ්‍යස්ථානයේ පැවැත් වු යාඥා මධ්‍යස්ථානයන්ට සහභාගි වි ඇති වි ඇති බවට සෞඛ්‍යය අංශ වෙතට තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු අනාවරණය කර ගැනිමෙන් අනතුරුව එම පිරිස හදුනාගෙන ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බව බගවන්තලාව ප්‍රාදේශිය සෞඛ්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
(under the courtesy of lankacnews.com news web)

More News »