කොරෝනාවෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ට එම ආගමානුකූල අවසන් කටයුතුවලට හමුදාපති එකගතාවක..?

2020-04-01 02:31:00       808
feature-top
කොරෝනා ආසාදනය වීමෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු ඉස්ලාම් ආගමානුකූලව සිදු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට තම සහාය ලබාදෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බවට සමාජ ජාලවල සටහන් පළ කර ඇත.

හමුදාපතිවරයා ඉස්ලාම් ආගමික නායකයන් සමග පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට පැමිණි බව එකී සාකච්චාවේ පින්තූරද සහිතව පලවී තිබේ.

නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම බැහැර කරමින් අද පෙරවරුවේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා කියා සිටියේ එවන් සාකච්ඡාවක් පැවති බව සත්‍ය නමුත් එහිදී එවන් කිසිදු එකඟතාවයට පැමිණීමට කටයුතු නොකළ බවයි.

වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකු ඊට අදාල ලෝක නියමයනට අනුව මිස කිසිදු ආමකට අනුව අවසන් කටයුතු කල නොහැකි බවත් ඔහු එහිදී පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »