කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ඉරණම අනුව රාජපක්ෂවරුන් ගේ ඉරණම විසඳෙයි..- බැසිල්

2020-03-31 12:05:00       894
feature-top
කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිසිය එක්ව මේ වන විටත් ඒ අවශ්‍ය තීරණ අරගෙන ඇති බවත් එම කාර්යාන් තවත් පහසු කිරීම සඳහා තමා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක ප්‍රධාන ලෙස පත් කරන ලද බවත් ඒ හරහා දේශපාලනයෙන් තොර ව සියලු පක්ෂ සියලුම කණ්ඩායම එක්ව ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ ආරම්භ කොට ඇති බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දෙරණ නාලිකාව හරහා ‘360’ වැඩසටහන සහභාගි වෙමින් වර්තමාන ලෝක වසංගතයක් ලෙස ක්‍රියාත්මන කොරෝනා රෝගය පාලනය කිරීමටත් එය මෙරටින් සහමුලින්ම තුරන් කිරීමට ගෙන ඇති තීරණ ඒ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ගනු ලබන තීරණ සහ වැඩපිළිවෙල ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බැසිල් රාජපක්ෂ මහතා විසින් එහිදී සිදු කරන ලදී.

ජනාධිපති සහ අගමැති රාජපක්ෂවරුන් වන අතර ඔහුගේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය කල විමසීමේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ආපදා තත්වය මෙන් ම මීට පෙර ඇති වූ විශාල අභියෝගයන් රටක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ගෙන ඇති අතර මෙම අභියෝගය ජනතාවගේ මෙන් ම රාජපක්ෂලාගේ ද ඉරණම විසඳන අභියෝගයක් බවය.

ඒ සඳහා සියලු පාර්ශවේ සහයෝගය ජනාධිපතිතුමා ඇතුළු රජය බලාපොරොත්තු වන ඔහු බවද පැහැදිලි කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

More News »