Corona : කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකික සේවිකාවන් පිරිසක් පිටුවහල්..

2020-03-31 09:17:00       798
feature-top
විසා කාලය අවසන් වීමෙන් පසු කුවේටයේ රැදී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට එරටින් පිටුවහල් වෙන දැනුම් දී ඇති බව එහි සිටින ගෘහ සේවිකාවක් සඳහන් කරන්නීය.

මේ තත්ත්වය මත මෙරට ගෘහ සේවිකාවන් ඉතා අසීරුතාවට පත්ව ඇති බවත් ඇය සදහන් කරයි.

දැනට එරට රජය විසින ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වූ පසු එරටින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවත් ඇය පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් වෙනත් රැකියාවක් සෙයායා ගැනීමට ද මේ වනවිට හැකියාවක් නැතැයිද ඇය කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »