Corona : මහනුවර-පුත්තලම දිස්ත‍්‍රික්ක සදහාද දින නියමයක් නැතිව ඇදරි නීතිය පැනවේ..

2020-03-29 12:57:00       768
feature-top
මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකටද නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

එම දිස්ත්‍රික්කයන්හි කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම සලකා බලමින් එය වැළැක්වීම සඳහා මෙම පියවරගෙන ඇත.

දැනටමත් කොළඹ, ගම්පහ, කළුතර, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇදිරි නීතිය හෙට උදෑසන 06.00ට ඉවත්වන අතර එදිනම පස්වරු 02.00ට යළි ක්‍රියාත්මක කෙරේ.
(under the courtesy of lankacnews.com news web)

More News »