වව්නියාව නගරයට ඇතුළුවන වාහන විෂබීජහරණයට

2020-03-29 11:13:00       773
feature-top
වව්නියාව නගරයට ඇතුළුවන සියළු වාහන විෂබීජහරණය සිදුකිරිම මේ දිනවල වව්නියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකයේදී සිදුකරනු ලබයි.

වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ නගරයට ඇතුළුවන සියලු වාහන විෂබීජහරණයට ලක් කරන බව වව්නියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් නගරයට ඇතුළුවන වාහන වව්නියාව ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේදී නවත්වා විෂබීජහරණය සිදුකිරීමෙන් අනතුරුව නගරයට ඇතුළු කරගන්නා බවයි.

නගරයේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.


(under the courtesy of adaderana.lk news web)

More News »