මුඛ ආවරණ නැත්නම් ‘චූං පාන්’ නෑ..

2020-03-27 08:54:00       777
feature-top
ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝසනය කල හැටන් ප්‍රදේශයේ රියදුරන් රැසකට පොලිසියෙන් අවවාද කර එම රියදුරන්ව පොලිස්භාරයට ගනු ලැබුහ.

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක අත්‍යවශ්‍යය සේවා යනුවෙන් දැන්විමක් අලවාගෙන පෞද්ගලික ගමනක යෙදි සිටි රියදුරා සහ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර මුදා හරනු ලැබුවා.

මාවනැල්ලේ සිට තලවකැලේ දක්වා අවමංගල උත්සවයකට ඇදිරි නිතිය බලපත්‍රයක් සහිතව වැන් රථයක පැමිණි රියදුරෙකු එම වැන් රථයේ අනන්‍යතාවය තහවුරු නොකල පිරිසක් රැගෙන වෙනත් මාර්ගයක ධාවනය කරමින් සිටියදි එම රියදුරාව පොලිස් භාරයට ගනු ලැබුවා.

හැටන් නගරයේ සිට නගර සිමාව තුල චුන්පාන් අලෙවිකරුවන් විසින් මුව ආවරණ නොමැති පාරිභෝගිකයන්ට බේකරි නිෂ්පාදන ලබා නොදිමට කටයුතු කර තිබු අතර , ස්වයං නිරෝධනයට ලක් වු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධන රෙගුලාසි උල්ලංඝනය කරමින් බේකරි නිෂ්පාදන චුන් පාන් අලෙවිකරුගෙන් මිලට ගැනිමට පැමිණ අවස්තාවේ ගම්වාසින්ගෙන් සිය විරෝධය එල්ල විය.

ඇදිරි නිතිය හමුවේ හැටන් නගරය හරහා ධාවනය කරවන සියළුම රථ වාහන දැඩි පරික්ෂාවට ලක් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර  තිබුණි.
(under the courtesy of lankacnews.com news web)

More News »