හෙට මැනිං වෙළෙඳපොළේ කටයුතු සාමාන්‍ය පරිදි

2020-03-25 03:02:00       784
feature-top
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඇඳිරි නිතිය අවසන් වූ පසු ජනතාව නගර තුල එක්රැස්වීම නැවැත්වීමේ අරමුණින් සහ ජනතාවට සහන සැළසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසට ලබාදීමේ ජංගම සේවාවක් ගාල්ල නගරයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ගාලු කඩවත් සතර  ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එම ජංගම සේවාව අද (25) ක්‍රියාත්මක විය.

ඇඳිරි නීතිය පනවා ඇති සමයේදී ගොවීන්ට අස්වනු නෙළීම සහ අලෙවි කිරීමට අවස්ථාව සළසාදීමත් සමඟ අද උදෑසන ගොවීන් සිය අස්ව‍නු අලෙවි කිරීම සඳහා පෞද්ගලික වී මෝල් හිමියන් වෙත පැමිණියේය.

එහිදී කිසිඳු බාධාවකින් තොරව රජය ලබාදුන් සහතික මිලටම වී මිලදී ගැනීම සිදුකළේය.

එමෙන්ම අරලිය සහල් සමාගම විසින් සහල් කිලෝ ලක්ෂ 5ක් රාජ්‍ය ආයතනවලට බෙදාදිම පොළොන්නරුවේදී සිදුකෙරුණි.

මේ අතර හෙට පෙරවරු 4සිට පස්වරු 2 දක්වා කාලය මැනිං වෙළෙඳපොළ සාමාන්‍ය අකාරයෙන් තොග වෙළදාම් කටයුතු පමණක් සිදු කරන බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති දේශබන්දු රනිල් හෙට්ටිගේ මහතා අද දෙරණට සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »