වෛරසය ආසාදනය වීමෙන් අමෙරිකාවේ එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට

2020-03-22 09:58:00       765
feature-top
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම එම පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු වෛරසයට ගොඳුරුවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආසාදිත පිරිස සමඟ සබඳතා පැවැත්වු ඥාතීන් 20කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාව තුළ මේ වන විට නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර අද වන විට එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ති‍බේ.


(under the courtesy of adaderana.lk news web)

More News »