මුහුදට ගසාගෙන ගිය කලූතර කැලිඩෝ වෙරළ තීරය යළි සැකසීම අද ඇරඹේ

2020-02-29 08:45:00       723
feature-top
මුහුදු ඛාදනය හේතුවෙන් විනාශයට පත් වූ කළුතර කැලිඩෝ වෙරළ තීරය වැලි පුරවා යළි ප‍්‍රතිස්ථාපනය කිරීම අද ආරම්භ වනවා.

පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පැවසුවේ ඒ සදහා රජය විසින් වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 889 ක් වන බවයි.  

2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග කළුතර පාලම ඉදිරියෙන් කළු ගගේ මෝය පුළුල් කිරීමත් සමග කැලිඩෝ වෙරළ තීරය විනාශයට පත් වුණා.

එම වෙරළ තීරණය ආරක්‍ෂා කිරීමට පියවර ගැනීම ප‍්‍රමාදවීම හේතුවෙන් අක්කර 35 ක් පමණ භූමි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »