සම අනුග‍්‍රාහකත්වය අත්හැරියත් ආර්ථික බලපෑම් වලින් මිදෙන හැටි ආණ්ඩුව හෙළි කරයි

2020-02-29 08:44:00       722
feature-top
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ සමඅනුග‍්‍රහකත්ව යෝජනාවලියෙන් ඉවත්වීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන්  ඇතැමුන් පවසන ආකාරයේ ආර්ථිකමය ගැටලූ මතුවීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය සරත් අමුණුගම පවසනවා.

ලෝක දේශපාලනයේ හා ආර්ථිකයේ වත්මන් ස්වරූපය අනුව ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ හැකියාවක් නොමැති බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම පිළිබඳව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය සරත් අමුණුගමගෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා
(under the courtesy of nethnews.lk news web)

More News »