කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව අලූත් සන්ධානයේ පාලන බලය සජිත්ට

2020-02-29 08:42:00       723
feature-top
සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ අනුව එම සන්ධානයේ පාලන බලය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඊයේ පස්වරුවේ පැවැති කෘථ්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණේ සමගි ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව පත් කිරීමේදී සියයට 60 ක් එක්සත් ජාතික පක්ෂයට සහ ඉතිරි සියයට 40 අනෙකුත් පක්ෂවලට ලබාදීමටයි.

මධ්‍යම කාරක සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන සියයට 60 න් වැඩි ප‍්‍රතිශතයක් පත්කිරීමේ බලය එක්සත් ජාතික පක්ෂ නායකයාට ලබාදීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.
 

අදාළ තීරණ අනුව නව සන්ධානයේ බලය හිමිවන්නේ කුමන පාර්ශවයකටදැයි නෙත් නිවුස් එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළා.



(under the courtesy of nethnews.lk news web)

More News »