බලහත්කාරකමකට ගිය පරණවිතානට හූ තියා පන්නයි..

2020-02-28 08:01:00       731
feature-top
රත්තපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ ජා ප) කරුණාරත්න පරණ විතාන මහතා හදිසියේම ඇමිලිපිටිය පනාමුර බන්ඩොක්කයාය පාලමක් විවාත කිරීමට පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් නොසන්සුන්වී දැඩි විරෝධතාවය දක්වන ලදී.ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා එම ස්තානයෙන් ඉක්මනින් ඉවත්ව යෑමට සිදුවිය.

ඇඹිලිපිටිය පනාමුර බන්ඩොක්කයාය මිද්දෙනිය යාකෙරෙන හුලංදා ඔය හරස්කර පාලම කොටි පහකඩ වඩා වැඩි වියදමින් ඉදිකිරිම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු කෙරිණ. මෙම පාලම විවාත කරීමට මන්ත්‍රිවරයා පැමිනෙන මග දෙපස කලුකොඩි දමා විරෝධය පලකර තිබිණි.මෙම ස්තානයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද සිටි අතර ඔහු මන්ත්‍රීවරයාට කියා සිටියේ විවෘත කලාට කමක් නැහැ මේ පාමේ වැඩ අවසන් වූ පසුව බවයි.

මෙහිදී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය දිගින් දිගටම එල්ලවිය. ඒ හේතුවෙන් මාධය වෙත අදහස් දක්වා මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් පිටත්ව යැමට සිදුවිය.

පරණ විතාන මන්ත්‍රීවරයා සමග පැමිනි හිටපු පලාත් සභා මන්ත්‍රී B.ආරියවංහ මහතා සහ ඇමිලිපිටිය  හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රී විමලසීල මහතා සමග විරෝදතා කරුවන් බහින් බස් වීමක්ද සිදුවියතමෙහිදී විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන්ට කුණු හරුපෙන් බනින ආකාරයද දක්නට හැකිවිය.

පසුව එම ස්තානයේ සිටි පනාමුර පොලිස් නිලදාරින් විසින් මන්ත්‍රීවරුන් එම ස්තානයෙන් ඉවත්කිරීම සිදුවිය.
(under the courtesy of lankacnews.com news web)

More News »