රන්ජන් කර ඇත් එකම බොරුව බොරු කොණ්ඩය විතරයි.. දැන් ඇත්ත තට්ටය පේනවා.. ඒක ලොකු ප‍්‍රශ්ණයක් නොවෙයි..- හිරුණිකා

2020-02-27 02:18:00       729
feature-top
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

දැන් මන්ත්‍රීවරයාගේ බොරු කොන්ඩය ඉවත්කර දැන් සැබෑ තට්ටය පේන්න ඇති බවත් ඇය කියා සිටියාය.

නමුත් එය ඔහුට ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට තරම් හේතුවක් යැයි තමන් නොසිතන බවද ඇය පැවසීය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්තුවේ සිටිනා මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් යයිද ඇය තවදුරටත් සඳහන් කළාය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »