රාජිතගේ නඩුව කල් යයි

2020-02-27 01:16:00       728
feature-top
පසුගිය ජනාධිපතිවරණය සමයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මෙහොමඩ් යන අයට එරෙහිව පවරා තිබු නඩුව අප්‍රේල් මස 3 දා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළා .

කෙසේවෙතත් මාධ්‍ය සාකච්ඡාව හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය වෙනත් නඩුවක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටියා.
 
එම සැකකරුවන් දෙදෙනා මීලඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

සැකකරුවන් එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත යටතේ වන ප්‍රතිපාදන අනුව ඉදිරියේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දෙන ලදී .

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර ඇත.

පසුගිය නොවැම්බර් මස 10 දා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන පුද්ගලයකු සහ සුදු වෑන් රථයක රියදුරෙකු යැයි පැවසෙන පුද්ගලයකු පෙනී සිටින ලදී. ඔවුන්ගේ එම චෝදනා අසත්‍ය බවට පසුව හෙළිවූ අතර එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම වෙනුවෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මැදිහත් වී තමන්ට මුදල් ගෙවූ බව එම සැකකරුවන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දී තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »