මරාගෙන මැරෙන්න ගිය පුස් චණ්ඩින් පලාතක නෑ.. නුවරඑලියේ අනවසර හෝටලය ගලවා දමයි…

2020-02-26 02:34:00       725
feature-top
නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ ඉදි කර තිබූ අනවසර ආපනශාලාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ ඉවත් කර තිබේ.

අදාල ජංගම වෙලද සැලේ බදු කාලය අවසන් වීම නිසා ඉවත් කිරීමේ අංශය විසින් පසුගිය 21 වනදා එය ඉවත් කිරීම සඳහා ගියද ඇතිවූ උණුසුම් තත්ත්වය මත තවත් පැය 48ක කාලයක් එය ඉවත් කර ගැනීමට ලබාදී තිබිණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ පොලීසියේ කැරළි මර්දන ඒකක නිලධාරීන් සියයක් පමණ පිරිසක් සමඟ නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරනු ලැබ ඇත.

පසුගිය 21 වනදා එය ඉවත් කිරීමට යාමේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රජයේ නිලධාරීන්ට ඉතා දරුණු ලෙස බැණ වදිමින් එම කටයුත්තට බාධා සිදු කළේය.
(under the courtesy of nethnews.lk news web)

More News »