ගුරු - විදුහල්පතිවරු ලෙඩවීමෙන් පාසල් කටයුතුවලට බාධා - ළමුන් හරවා යැවීමේ සිද්ධියක් ගැන චෝදනාවක්

2020-02-26 01:53:00       725
feature-top
ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් රැසක අධ්‍යයන කටයුතුවලට අද (26) බාධා එල්ල වුණා. කෙසේවෙතත් ඇතැම් පාසල්වලට සිසුන් පැමිණියද ඇතැම් ගුරුවරුන් එම සිසුන් යළි හරවා යැවුණු සිද්ධීන්ද බොහෝ පාසල්වලින් වාර්තා වුණා.

මේ, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් රැගෙන ගිය පාසල් වෑන් රථ රියදුරෙකු එවැනි සිද්ධියක් පිළිබද නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා.

ගුරු සහ විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුවද වතුකරයේ ගුරුවරු රැසක් අද පාසල්වල රාජකාරී සදහා වාර්තා කර තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වතුකරයේ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු සහය ලබාදී නොමැති බවයි වතුකරයේ ගුරු සංගම් ප්‍රකාශ කළේ.

මේ වනවිට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. ඒ, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීමක් කිහිපයක්  සදහා විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.
(under the courtesy of nethnews.lk news web)

More News »