මෙරට මුස්ලිම් ජනතාවගෙන් 2%ක් අන්තවාදීන්.. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක්..

2020-02-24 05:07:00       726
feature-top
මෙරට සිටින මුස්ලිම් ජනතාවගෙන් 2% පමණ කොටසක් අන්තවාදී මතවාදයන්ට නැඹුරු වී සිටින බවත් එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වනු ඇති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව අනතුරු අඟවා තිබේ.

අන්තවාදයට නැඹුරුවූ පිරිස් ඉන් ගලවා ගැනීම සඳහා රජයේ පූර්ණ මැදිහත් වීමෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

අන්තවාදීන් මතයෙන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළක් සාර්ථකව මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක වන බවත් මෙරට ද ඊට සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව කමිටුව පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක මහතා විසින් මෙම කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »