මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් ධුරය අතහරි

2020-02-24 02:54:00       726
feature-top
මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නව රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අග්‍රාමාත්‍යවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජු වෙත භාරදී තිබෙනවා.

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වාර්තා අතරට එක්ව සිටියේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 95ක්.


(under the courtesy of nethnews.lk news web)

More News »