පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..

2020-02-24 11:45:00       724
feature-top
පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන විත්තිකරුවා අද පොහොට්ටුවේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එවකට ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු ඊට පලමු වගකිව යුත්තා බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජීවිත 300 සදහා සඳහා වගවිය පුද්ගලයා අද පොහොට්ටුවේ සභාපතිවරයා බවට පත්කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

එනිසා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිවෙකුට නොහැකි බවද ඔහු පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »