ජනාධිපති ගෝටාභය කැබිනට් පත‍්‍රිකා අකුරක් නෑර කියවනවා.. සමරු ඵලකවල නම දාන්න එපා කිවුවා.. මං ජනාධිපති කාලෙවත් එහෙම කලේ නෑ..- මහින්ද

2020-02-24 08:38:00       732
feature-top
විවිධ ආකාරයේ විවෘත කිරීම් සදහා තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කලද ඒ කිසිවක නම සඳහන් නොකරන්නැයි ඔහු දැනුම් දී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

අඩුම තරමේ ‘හත් වැනි විධායක ජනාධිපති’ ලෙස හෝ සඳහන් කරන්නැයි ඉල්ලුවද එයද ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බවද අගමැතිවරයා පැවසීය.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ අද රටට ලැබී ඇත්තේ ඉතාම සරල ජනාධිපතිවරයෙක් බවයි.

ජනාධිපතිවරයා සියලූම කැබිනට් අකුරක් නෑර ඔහු විසින්ම කියවා බලන බවත් තමන් ජනාධිපතිව සිටියදීද එවැන්නක් සිදු කලේ නැති බවත් අගමැතිවරයා තව දුරටත් එහිදී කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »