ඕමන්තේ බස් වෑන් අනතුරකින් 5ක් මරුට.. 20ක් රෝහලේ.. බස්-වෑන් දෙකටම ගිනි…

2020-02-24 08:36:00       740
feature-top
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ ලංගම බස් රථයක් හා වෑන් රථයක් (23) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය පේදුරුතුඩුව දක්වා ගසමන්ගත් ලංගම බස් රථය ඕමන්ත ප්‍රදේශයේදී වෑන් රථයේ ගැටී ඇති අතර වෑන් රථයේ ගැටීමෙන් වෘන් රථය ගිනිගෙන පසුව බස් රථයටද ගින්න ඇවිලී ඇති අතර අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අනතුර සිදුවීමෙන් පසුව වෑන් රථයට හා බස් රථයට ගිනිගෙන ඇති අතර ප්‍රදේශවාසීන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් ප්‍රකෝපකාරීව බස් රථයට හා වෑන් රථයට ගිනි තබා ඇති බවටය.

අනතුරින් වෑන් රථයේ සිටි පිරිස් මිය ගොස් ඇති බවට ඕමන්ත පොලීසය පවසයි.

බස් රථයේ හා වෑණ් රථයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා වව්නියාව නගරසබා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් බස් රථය හා වෑණ් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අනතුරින් තුවාල ලැබූවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර බස් රථයේ හෝ වෑණ් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.
(under the courtesy of lankacnews.com news web)

More News »