ශ්‍රී ලාංකිකයන් 1000කට සෞදියේ බස් රථ රියදුරු රැකියා හිමිවෙයි

2020-02-22 09:56:00       729
feature-top
සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹෙන ලදී.

මෙම එකඟතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂක මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් යන මහත්වරුන් අත්සන් කරන ලදී.

මේ යටතේ ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවන අතර, බර වාහන රියදුරු බලපත්‍ර හිමි වයස අවුරුදු 45ට අඩු, වසර 2ක පළපුරුද්ද ඇති පුද්ගලයින්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිවේ.

රැකියාවට පෙර සති 3ක කාලයක් ඉංග්‍රිසි හා අරාබි භාෂා පුහුණුව මෙරටදී නොමිළේ  ලබා දෙන අතර, තෝරා ගන්නා රැකියා ලාභීන්ට එරටදීද විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එරට රියදුරු බලපත්‍රයද ලබාදීමට කටයුතු කෙරේ.

බඳවා ගන්නා ශ්‍රමිකයින් හට ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනු ලබන අතර, කිසිඳු ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම රැකියා අවස්ථාවන් හිමි වේ.

සෞදි අරාබියේ රියාද්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වීමට නියමිත අතර, මෙම රැකියා සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන රැකියා අපේක්ෂිතයින්ට කාර්යාංශයේ රැකියා බැංකුවට අයදුම්පතක් ඉදිරිපත් කිරීම මගින් ඒ සඳහා අයදුම් කළ හැකිය.

බර වාහන රියදුරු රැකියා සඳහා අදාළ අවබෝතා ගිවිසුම වෙනුවෙන් දෙරටේ නියෝජිතයින් විසින් නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිතය.


(under the courtesy of nethgossip.lk news web)

More News »