විමල් පාර්ලිමේන්තුවේ විසි වසරයි.. අද කොළඹ සැමරුම් උත්සවයක්..

2020-02-22 09:01:00       774
feature-top
ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම නිමිති කොටගෙන සංවිධානය කෙරෙන ‘විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය’ වැඩසටහන අද (22) සවස 4.00ට කොළඹ නෙ`ඵම් පොකුණ ර`ගහලේදී (ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහනේදී විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවිය විවරණය කෙරෙන ඉසුරු ප‍්‍රසංග මහතා විසින් රචිත ‘විමල් – යුගකාරකත්වයේ භූමිකාව’ කෘතිය ද එළිදැක්වීමට නියමිත ය.

කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ඉ`දුරාගාරේ ධම්මරතන නාහිමි, සහ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමන් මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට ද නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »