වියළි කාලගුණයෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා - ජල සම්පාදන මණ්ඩලය කියයි

2020-02-21 04:24:00       732
feature-top
පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සීදි පවතින බැවින් පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදා හැරීම සීමා කිරීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ හේතුවෙන් පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »