කරු ජයසූරිය ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු සැලසුම් හදලා තිබුනේ.. නමුත් සජිත් ඉල්ලා ලක්‍ෂ 14කින් පැරදුනා..

2020-02-18 12:22:00       726
feature-top
පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළේ නම් ජය ගැනීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කරු ජයසූරිය මහතා ඉදිරිපත් වූයේ නම් ඔහුට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රබල පක්ෂ එක්වීමට සූදානමින් සිටි බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කර අවසානයේ ලක්ෂ 14කින් පමණ පරාජය වීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමගින් එක්වෙමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »